ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ. යූ. චන්ද්‍රලාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එම ධූරයේ කටයුතු කරන ඩබ්ලිව්. ඒ. ධර්මසිරි ජනවාරි මස 25වනදායින් පසු එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එම පත්වීම එළඹෙන 26වනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)
