11 February 2026

logo

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළි රිමාන්ඩ්



හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන පෙබරවාරි මස 18වනදා දක්වායි. 

බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 162කට අධික මුදලක් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන් බවට සැකපිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ අනුව ඊට අදාළ නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)