11 February 2026

logo

අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සුපිරි පන්දුවාර 2ක් - අවසන් මොහොතේ ජය අප්‍රිකාවට





මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය තියුණු සටනකින් පසු ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් ලකුණු 187ක් රැස් කරගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන්ස්ථාන කණ්ඩායමටද රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 187ක් පමණයි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණයන් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

පළමුවෙන් සුපිරි පන්දුවාරයට මුහුණදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 17ක් රැස් කරගත්තා.

අනතුරුව සුපිරි පන්දුවාරයට මුහුණදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමද එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස් කිරීමත් සමඟ තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් තවත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

මෙම සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමටයි.

එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 23ක් ලබාගත්තා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙවන සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 24ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත් ඔවුන්ට රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 2ක් දැවී ලකුණු 19ක් පමණයි.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම දෙවන සුපිරි පන්දුවාරයේදී තරගය ජයග්‍රහණය කළා.





(COLOMBOTIMES.LK)