18 February 2026

logo

ජලභීතිකා රෝගයෙන් මියගිය පිරිස ගැන භයානක අනාවරණයක්



පසුගිය වසරේදී ජලභීතිකා රෝගයෙන් පුද්ගලයන් 14දෙනෙක් පමණ මරණයට පත්වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ ප්‍රකාශ කළා.

ඒ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

එහිදී ඔහු කියා සිටියේ 2030 වර්ෂය වන විට මෙරට පුද්ගලයන් ජල භීතිකා රෝගයෙන් මිය නොයන තත්ත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මෙම ජල භීතිකා රෝගය ක්ෂීරපායි සතුන්ගෙන් වෛරසයක් මඟින් බෝවන රෝගයක් බව ද 100%ක් එය මාරාන්තික රෝගයක් බව ද වෛද්‍යවරයා සඳහන් කළා. 

(colombotimes.lk)