18 February 2026

logo

සුපිරි 8දෙනාගේ වටයට සියලු කණ්ඩායම් නිල වශයෙන් සුදුසුකම් ලබයි



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 8 මේ වන විට නිල වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අද නැමීබියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරමින් සුපිරි 8දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමත් සමඟයි.

ඒ අනුව කාණ්ඩ 2ක් යටතේ සුපිරි 8දෙනාගේ තරග වටය එළඹෙන 21වනදා ආරම්භ වීමර නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු කාන්දයාට ඉන්දියාව, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ඇතුළත්.

එමෙන්ම දෙවන කාණ්ඩයට ශ්‍රී ලංකාව, එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්ථාන කණ්ඩායම ඇතුළත් වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)