පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්.
එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14දෙනෙක් නම් කර තිබෙනවා.
(colombotimes.lk)
