ඩෙංගු මර්දනය සඳහා මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හී තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇති බවයි.
ඒ අනුව කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ මෙහිදී අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍රයන් ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි.
එමෙන්ම මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම්ද මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)