30 January 2026

logo

රජයට GMOA ලබාදුන් කාලය අදින් අවසන් - ඉදිරියේදී කුමක් වෙයිද ?



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසනවා. 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ අදාළ කාලය තුළ රජය කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදුන් බවයි.

එමනිසා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (30) විධායක සභාව විසින් සාකච්ඡා කර අවසන් තීරණයට එළඹෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)