ශ්‍රී ලංකාවට නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඒ නිපා වෛරසය පිළිබදව කරුණු පැහැදිලි කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිපදෙනෙක් හඳුනාගෙන ඇති බවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීම නිර්දේශ කර නොමැති බවත් වර්තමානයේදී ශ්‍රී ලංකාවට රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
