01 December 2025

logo

ශ්‍රීපාද මළුවේ නායයෑමක් ගැන පළ වූ පුවත ගැන පැහැදිලි කිරීමක්



ශ්‍රීපාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට සමාජ මාධ්‍යයන්හී පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් පවසනවා. 

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන් වහන්සේ සඳහන් කළේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමඟ පහළට කඩා වැටෙන බවයි. 

එය ස්වාභාවික සිද්ධියක් බවත් මෙම සිද්ධිය සිදු වී ඇත්තේ හැටන් සහ රත්නපුර මාර්ගය සම්බන්ධ වන ඉදිකටු පහණ මාර්ගයට සම්බන්ධවන ප්‍රදේශයේ බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා. 

ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළේ එමනිසා ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවයි. 




(colombotimes.lk)