ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම සඳහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
වෛද්‍යවරුන් පස් දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයන්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතව තිබෙනවා.
මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
