01 December 2025

logo

මහජන බැංකුවේ ජංගම ATM රථය අද පොළොන්නරුවට



දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ගනුදෙනු කිරීමේ පහසුව සඳහා මහජන බැංකුවේ ජංගම ATM යන්ත්‍ර සහිත රථය අද (01) පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගමන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම රථය අද (01) පෙරවරු 11.30 සිට පස්වරු 4.00 දක්වා තඹාල මහජන බැංකු ශාඛාව අසළ ක්‍රියාත්මකයි.

ඉහත සඳහන් වේලාව තුළ අදාළ ස්ථානය වෙත ළඟාවෙමින් ඔබගේ ගිණුම් හරහා ගනුදෙනු කිරීමට හැකියාව පවතිනවා.   

(colombotimes.lk)