ජල ගැලීම්වලට ලක් වූ ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු දැනුම්දී තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබාදෙන ලෙසයි.
පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොමැති වුවහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.
(colombotimes.lk)
