පසුගිය වසර 05 තුළ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට කෝප් කමිටුව සැලසුම් කර තිබෙනවා.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ විගණන වාර්තා ද පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදු කරන බවයි.
පසුගිය වසර 5 තුළ ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළේ ද, ඒවා විනිවිද පෙනෙන අයුරින් සිදු කළේ ද යන්න මෙන්ම ගල් අඟුරු ආනයනය සඳහා සම්බන්ධීකරණය සිදු කළේ කුමන පාර්ශවද යන්න එහිදී සොයා බැලීමට නියමිතව තිබෙනවා.
ඔහු කියා සිටියේ ඊට සම්බන්ධ ආයනතවල වත්මන් හා හිටපු නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා කරුණු විමසීමට සැලසුම් කර ඇති බවයි.
(colombotimes.lk)
