11 February 2026

logo

අග්‍රාමාත්‍යවරිය සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක්



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ බාහිර ක්‍රියාකාරී සේවයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ඊයේ (10)පවත්වා තිබෙනවා. 

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා. 

එමෙන්ම යුරෝපා සංගමය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීමට ලබාදුන් සහයටද අග්‍රාමාත්‍යවරිය එහිදී සිය ස්තූතිය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)