මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඒ මෙම කාණ්ඩයට යටතේ අද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 8=67කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මේ අනුව B කාණ්ඩයේ පෙරමුණ ප්‍රසාද ලකුණු 2ක් සහ 3.350ක ශුද්ධ ධල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වාගෙන සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමි වී තිබෙනවා.
එමෙන්ම දෙවන ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායම හිමි කරගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 2ක් සහ 2.702ක ශුද්ධ ධල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගනිමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය යටතේ මූලික වටයේ ක්‍රීඩා කළ පළමු තරගය ජයග්‍රහණය කළද ඔවුන්ගේ ශුද්ධ ධල ලකුණු ලබා ගැනීමේ වේගය 1.000ක පැවතීම හේතුවෙන් ඔවුන් තුන්වන ස්ථානය පත්වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ ක්‍රීඩා කරන දෙවන තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. 
(COLOMBOTIMES.LK)
