ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය් මේ වන විට වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායක හැරී බෘක් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී Sherfane Rutherford ලකුණු 76ක් සහ Jason Holder ලකුණු 33ක් රැස් කළා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 197ක්.
(COLOMBOTIMES.LK)
