20 November 2025

logo

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

ඒ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කිසිදු අපරාධකරුවෙක්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේ වන විට පිහිටුවා ඇති බවයි. 

එමෙන්ම කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)