20 November 2025

logo

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙක්ට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඉදිකිරීම් අංශයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙක් මෙලෙස මියගොස් ඇති බවයි. 

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.
 
එලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්කටුයාය ප්‍රදේශයේ පදිංචිව සිට 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)