01. රනිල්ට එරෙහිව ඉහළ අධිකරණයක නඩු
රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) දැනුම්දී තිබෙනවා.
මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෝසමක් මඟින් කර තිබූ ඉල්ලීම ඊයේ (19) සලකා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පියවර ගෙන තිබෙනවා.
02. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කිසිදු අපරාධකරුවෙක්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේ වන විට පිහිටුවා ඇති බවයි.
එමෙන්ම කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
03. 2024 - 2025දී බහුලව භාවිතා කර තිබෙන මුරපදය සොයා ගනියි
අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන 'NordPass' ආයතනය, අඛණ්ඩව 07වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම භාවිත වන මුරපද 200ක ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.
එම ආයතනය සඳහන් කළේ මෙම අධ්‍යයනයට අනුව 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ ගෝලීය වශයෙන් බහුලවම භාවිතා වන මුරපදය '123456' වී තිබෙන බවයි.
04. කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) ඒකක 75.10කින් ඉහළ ගොස් තිබෙනවා.
05. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය 17වනදා වන විට රැස්කර තිබෙනවා.
එය දැක්වෙන්නේ රුපියල් මිලියන 2,002,241 (රුපියල් බිලියන 2,002.241) ලෙසයි.
මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)