හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී තිබෙනවා.
අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වුණා.
බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 කට පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ අවුන් සාන් සුකීටද සමාව ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නමුත් සුකී හට පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5ක් සඳහා පමණක් බවත් ඇයට එරෙහිව තවත් චෝදනා 14ක් තිබෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙනවා.
(colombotimes.lk)