ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට ගොඩගැසූ අභිරහස් වස්තුව ඉන්දීය රොකට්ටුවක සුන්බුන් බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම අභිරහස් වස්තුව බටහිර ඕස්ට්‍රේලියාවේ අගනුවර වන පර්ත් නගරයේ පිහිටි ග්‍රීන් හෙඩ් වෙත ගොඩ ගසා තිබුණා.
එය ප්‍රදේශවාසීන්ගේ අවධානයට ලක්ව තිබූ අතර පසුව ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් එහි ආරක්ෂාව තර කළා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙය ධ්‍රැවීය චන්ද්‍රිකා දියත් කිරීමේ වාහනයක (PSLV) වැය කරන ලද තුන්වන අදියරේ සුන්බුන් බවට නිගමනය කර තිබෙනවා.
(colombotimes.lk)
