නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබී කඳුකර කළු කොටි පැටවෙක්ගේ සිරුරක් අද (29) හමු වූ බව නල්ලතන්නි පොලීසියේ ස්ථානාධිපති ආර්. නිරෝෂන් පවසනවා.
ස්ථානාධිපතිවරයා කියා සිටියේ එම වතුයායේ වතු කම්කරුවන් විසින් තේ වත්තේ මිය ගොස් සිටි කඳුකර කළු කොටි පැටවෙක්ගේ සිරුරක් ඇති බවට පොලීසිය වෙත ලබා දුන් තොරතුරක් මත ඒ පිළිබඳව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.
එම කඳුකර කොටියා වාහනයක ගැටී තුවාල ලබා මිය යන්නට ඇති බව නල්ලතන්නි වන ජීවි කාර්යාලයේ නිලධාරීන් සැක පළ කර තිබෙනවා.

(colombotimes.lk)
