එකම පවුලේ සාමාජිකයන් 11දෙනෙක්ට චීනය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට ඔවුන්ට මෙලෙස මරණ දඬුවම නියම කළ බවයි.
මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයන් විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිරිස විසින් කැසිනෝ, පුද්ගල පැහැර ගැනීම්, මූල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බවයි.
(colombotimes.lk)
