29 January 2026

logo

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - දරුවෙක් රෝහලට



හැටන් - නුවරඑළිය මාර්ගයේ සෙන්ක්ලෙයාර් ප්‍රදේශයෙන් ධාවනය කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අද (29) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ දිඹුලපතාන සෙන් ක්ලෙයාර් වතුයාය ආසන්නයේදීයි.

එම අනතුරෙන් තුවාල ලැබූ දරුවෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව දිඹුලපතාන පොලීසිය පවසනවා.

මේ පිළිබඳව දිඹුලපතාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)