29 January 2026

logo

කෝටි 22ක කොකේන් සහ මත්පෙති සමඟ කතක් මාට්ටු වෙයි



කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

සැකකාරිය ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 3450කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි. 

(colombotimes.lk)