බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ නිල සංචාරයක් සඳහායි.
ඔහු සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙක් ද දූත පිරිස ලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම සංචාරයේ නිරත වනවා.
(colombotimes.lk)
