චීනය විසින් පාකිස්ථානයේ ව්‍යාපෘති දෙකක වැඩ නතර කර තිබෙනවා.
ඒ, වයඹදිග කයිබර් පක්තුන්ක්වා (Pakhtunkhwa) පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ඉංජිනේරුවන් පස් දෙනෙකු මිය යාමෙන් පසුවයි.
එම චීන ඉංජිනේරුවන් ඉස්ලාමාබාද් සිට දාසු හි වේල්ල ඉදිකිරීමේ භූමියේ පිහිටි ඔවුන්ගේ කඳවුරට යමින් සිටියදි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානයේ ප්‍රධාන වේලි ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් චීනය විසින් නතර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)