19 February 2026

logo

කොළඹ දිසාව භාර DIG අත්අඩංගුවට



කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු වෙනුවෙන්.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 8දෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

(COLOMBOTIMES.LK)