24 September 2025

logo

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්



හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගතහොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
 
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මෙම දැනුම්දීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)