24 September 2025

logo

මහජන බැංකුවේ සය සාමාජික කාන්තා ක්‍රිකට් තරගාවලිය අති සාර්ථක අයුරින්



මහජන බැංකුවේ අන්තර් ප්‍රාදේශීය ක්‍රීඩා තරගාවලියේ සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරග පසුගියදා පැවැත්වුණා.

ඒ රත්මලාන, ජනසතු සේවා ක්‍රිඩාංගණයේදීයි. 

මෙම කාන්තා ක්‍රිකට් තරගාවලිය ප්‍රථමවරට සංවිධානය කර තිබෙනවා.

මේ සඳහා කණ්ඩායම් 15ක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහි ශුරතාවය ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායමටද අනු ශූරතාවය නුවරඑළිය ප්‍රාදේශිකයටද තෙවන ස්ථානය කුරුණෑගල ප්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය මාතලේ ප්‍රාදේශිකයට හිමි වී තිබෙනවා. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී තිබෙන බවයි වාර්තා වන්නේ. 







 
(colombotimes.lk)