වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්කය, වසර අවසානය වනවිට ඉක්මවා යන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වසර සඳහා වාහනවලින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 460ක් වූ බවත් දැනට පවතින තත්ත්වය අනුව එය ඊට වඩා වැඩිවන බවත් බිලියන 700ක පමණ ආදායමක් ලැබෙන බවට බලාපොරොත්තු වන බවත් එහිදී නිලධාරීන් විසින් කරුණු දක්වා තිබෙනවා.
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න සඳහන් කළේ 2025 සැප්තැම්බර් 16 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1570ක වටිනාකමක් ඇති ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර තිබුණු බවයි.
(colombotimes.lk)