ගෝලීය සංචාරක සඟරාවක් වන Time Out විසින් 2025 ඔක්තෝබර් මාසය සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වාභාවික සුන්දරත්වය අගය කර ඇති අතර ඔක්තෝබර් මාසයේ සංචාරකයන් සඳහා එය කදිම ගමනාන්තයක් බව Time Out සඟරාව පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
රන්වන් වෙරළ තීරයන්, කඳුකරයේ ඇවිදීම, පුරාණ නටබුන් සහ වනජීවී සෆාරි ඇතුළු විවිධ අත්දැකීම් රාශියක් ලබා දෙන දූපතක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා.
මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පසුව තුර්කිය සහ නිව් මෙක්සිකෝව දෙවන සහ තෙවන ස්ථානවලට පත්ව තිබෙන බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව ස්පාඤ්ඤයේ වැලෙන්සියා, නිව්යෝක් නගරය, පිලිපීනය, භූතානය, බොස්නියා සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාව වැනි ගමනාන්ත ද මෙම ලැයිස්තුවට ඇතුළත් වනවා.
(colombotimes.lk)