දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබාදෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමුකර ඇති බවයි.
එමෙන්ම රජයෙන් ලබා දුන් රුපියල් 15,000 දීමනාව හිමි වූ සියලු පාසල් සිසුන්ට ද මෙම දීමනාව හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඒ අනුව ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවෙක්ටම රුපියල් 25,000ක මූල්‍ය ආධාරයක් හිමි වන බවයි සඳහන් වන්නේ. 
(colombotimes.lk)
