රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද හඳුන්වන බව සඳහන්.
වෙන්දේසියේදී මෙම මුදුවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ආරම්භක ලංසුවක් තබා තිබුණත් අවසානයේ ඩොලර් මිලියනයක ලංසුවක් තබා ඩ්‍රේක් ග්‍රැහැම් විසින් මිලදී ගෙන තිබෙනවා.
ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා 1996 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි එම්.ටී.වී සම්මාන උළෙලේදී මෙම මුදුව පැළඳ සිට ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)