02 February 2026

logo

පාකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට



වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.

එමෙන්ම තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.