02 February 2026

logo

ඩොක්සුරි ඉවත්ව යනවිට ඛානුන් චීනයට ළඟා වෙයි



ඩොක්සුරි සුළි කුණාටුව හේතුවෙන් ඇතිව ඇති ධාරානිපාත වර්ෂාව නිසා බීජිං හි 30,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම සුළි කුණාටුව උතුරු චීනයට ළඟා වීමත් සමඟ එරට අගනුවරට මෙන්ම හෙබෙයි, ටියැන්ජින් සහ නැගෙනහිර ෂැන්සි යන ප්‍රදේශවලට අඛණ්ඩව දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණු බව සඳහන්. 
 
වසර ගණනාවකට පසු චීනයට බලපෑ ප්‍රබලම කුණාටුවක් ලෙසයි ඩොක්සුරි හඳුන්වා ඇත්තේ. 
 
කෙසේවෙතත් ඩොක්සුරි සුළි කුණාටුවේ බලපෑම අඩුවෙමින් පවතින බවත්, ඛානුන් සුළි කුණාටුව ළඟා වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා. 
 
එය මේ සතියේ චීනයේ ජනාකීර්ණ වෙරළ තීරයට ළඟා වීමට නියමිත බව සඳහන්.
(clombotimes.lk)