රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 556ක් සමඟ තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙක් අද (24) අලුයම අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
ඔහු කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන පසුව ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ, අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)