ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදීයි.
මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.
එමෙන්ම මෙහිදී පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන පුද්ගලයන් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)