24 September 2025

logo

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ගැන දැනුම්දීමක්



කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 03 දම්වැල් 33 ස්ථානයේ පිහිටි බී දාබරේ මාවත (නාරාහේන්පිට දුම්රිය ස්ථානය අසල) දුම්රිය හරස් මාර්ගය අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබීමට තීරණය කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (24) ප.ව.08.00 සිට 2025.09.25 පෙ.ව.05.00 දක්වා මහා මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවයි.  

මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


(colombotimes.lk)