අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළේ අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17වනදා ආරම්භ කරන බවයි.
මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබාදී තිබෙනවා.
අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17වනදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)