අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය ඊයේ (23) රාත්‍රියේදී මත්තෙගොඩ ප්‍රසන්න උයනේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා.
එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) සවස 02.00ට මත්තෙගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)