01 February 2026

logo

මෝටර් රථයක් තාප්පයක ගැටී මාරක අනතුරක්



මෝටර් රථයක් තාප්පයක ගැටීමෙන් ඊයේ (31) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගාල්ල, මිල්ටන් ගුණවර්ධන මාවතේදීයි.

පොලීසිය සඳහන කළේ අදාළ මෝටර් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදීම රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ තාප්පයක ගැටී ඇති බවයි.

එම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)