01 February 2026

logo

ලක්ෂ 50ක අයිස් සමඟ උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙක් කොටුවෙයි



රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජවරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් අලුත්මග හා වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ ලද වැටලීමක් අතරතුරදීයි.

එහිදී අදාළ සැකකරු සන්තකයේ තිබී මෙම ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී සැකකරු උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමඟ සමීප සබඳතා ගොඩනගා ගෙන ඇති බවට අනාවරණය වූ ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)