01 February 2026

logo

අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි



පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලීසිය විසින් අද (01) වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි.

මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති අතර සැකකාර රියදුරු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)