30 January 2026

logo

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය තීව්‍ර වෙයි



පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (30) පස්වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ගුරු සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම උපවාසය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ද ඔහු පරීක්ෂාවකට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එලෙස මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබෙනවා. 

(colombotimes.lk)