නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසනවා.
ඒ අනුව ඔවුන් ගුවන් මඟින් ප්‍රංශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළා.
නයිජර්හි පැවති විරෝධතා අතරතුර පසුගියදා ජනාධිපති මොහොමඩ් බසුම්ගේ පාලනයෙන් එරට බලය නයිජර් ආරක්ෂක අංශ අත්පත් කර ගත්තා.
නමුත් මේ වන විටත් නයිජර්හි විරෝධතා උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)