31 January 2026

logo

ඉන්ධන මිල සංශෝධනය වෙයි



මාසික ඉන්ධන මිල ගාස්තු සංශෝධනයට අනුව පෙබරවාරි මාසය සඳහා සිපෙට්කෝ ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 292ක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ඔටෝ ඩීසල්ද රුපියල් 2කින් අඩු කර ඇති බවයි.

එහි නව මිල රුපියල් 277ක් ලෙස සඳහන් වනවා.

අනෙක් ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)