14 January 2026

logo

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට



නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. 

කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරන විදුලිය මෙතෙක් පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

නමුත් ඉදිරි දින කිහිපයේදී එය පද්ධතියට එක් කිරීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. 
 
කෙසේවෙතත් තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)