ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාමයට කණ කොකා හඬයි



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති තාවකාලික සටන් විරාමය අවසන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ සටන් විරාමයට අදාළ කොන්දේසි කඩ කරමින් හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි.
 
මෙම සටන් විරාමය, සිවු දින සටන් විරාමයක් ලෙස පසුගිය 24 වැනිදා ආරම්භ වුණා. 
 
ඉන් පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කළා. 
 
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි. 
 
කෙසේවෙතත් හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාළ කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)